Saturday, July 13, 2019

____රසවත් ආදර්ශමත් කතාවක් ____




ගුරුවරියක් දිනක් සිය පන්තියේ කතාවක් කීමට පටන් ගත්තා.

මේ ඒ කතාවයි.

"ගිලීයන නැවකින් තරුණ විවාහක යුවලක් කෙසේ හෝ ආරක්ෂා උනා"

"අදාල යුවල ගලවාගැනීමේ ස්ථානයට ලඟාවුනා"

"ඒ වන විට ක්‍රියාත්මක වෙමින් පැවතියේ අවසාන ජීවිතාරක්ෂක බෝට්ටුවයි"

"ඔවුන්ට මෙතැනදී ඉතා දැඩි තීරණයක් ගන්නට වන බව තේරුම් ගියා"

" එනම්,බෝට්ටුවේ ඉතිරි වී ඇත්තේ එක ආසනයක් පමනයි"

"දිවි ගලවාගත යුත්තේ කවුද"

"මොහොතක් නිහඬව සිය බිරිඳ දෙස බලාසිටි සැමියා ඇයගේ නලලත හාදුවක් තබා, ඇයව නැවේ පැත්තක තබා සැනෙකින් ජීවිතාරක්ෂක බෝට්ටුවට ගොඩවෙන අතර
ඇය කෑ ගසා කිසිවක් ඔහුට පැවසුවා"

"ඉන්පසුව දෛවය විසින් ගිලීයන නෞකාව ඇයවෙත දුන් ඉරණම කඳුළු අතරින් පිලිගන්නවා විනා ඇයට විකල්පයක් තිබුනේ නැහැ"

මොහොතකට ගුරුවරිය සිය කතාව නවත්වා සිසුන් දෙස බැලුවා.

සිසුන් අයාගත් දෙනෙතින් යුතුව ඇය කතාවේ ඉතිරි කොටස කියන තෙක් බලාසිටියා.

"ඔබ සිතන ආකාරයට ඇය කුමක් කියා කෑ ගසන්නට ඇතිද"

ගුරුවරිය නිහඬබව බිඳිමින් සිසුන් වෙත පැනයක් ඉදිරිපත් කලා.

සිසුන් අතරින් විවිදාකාර පිළිතුරු ගලා ආවා.

"මම ඔබට වෛර කරනවා"

"ඔබ වැනි මිනිසෙක් විශ්වාස කරන්නට තරම් මම මෝඩ උනා."

"ඔබට ශාප වේවා"

සිසුන්ගෙන් ලැබුනු පිළිතුරු වලින් කිහිපයකුයි ඒ.

ගුරුවරියගේ දෑස් පංතියේ කොනක වාඩිවී කිසිවක් නොකියා නිහඬව සිටි සිසුවෙක් වෙත යොමුවුනා.

ඇය ඔහුගෙන් නැවතත් පෙර ප්‍රශ්නයම ඇසුවා.

"ඔබ සිතන ආකාරයට ඇය කුමක් කියා  කෑ ගසන්නට ඇතිද"

නිහඬව සිටි සිසුවා දෑස් ඔසවා මෙසේ පැවසුවා.

"ටීචර්, මම හිතන විදියට ඇය කියන්න ඇති අපේ දරුවාව හොඳින් රැක බලාගන්න කියල"

සිසුවාගේ පිළිතුරෙන් පුදුමයට පත් වූ ගුරුවරිය මෙසේ ඇසුවා.

"ඔබ මේ කතාව මීට කලින් අහල තියෙනවද"

"නැහැ, නමුත් මගේ අම්ම මියයන්න මොහොතකට කලින් මගෙ තාත්තට කීවෙ ඒ දේ,
ඒ නිසා මම අනුමාන කලා"

දිගු සුසුමක් පිටකල ගුරුවරිය නැවතත් කතාකලා.

"ඔබේ පිළිතුර නිවැරදියි ,ඇය කෑ ගසා පැවසූයේ එයයි"

"නැව ගිලී ගියා,
සිය නිවස වෙත නැවත ගිය සැමියා ඔවුන්ගේ එකම දියණියව ඉතා ආදරයෙන් රැකබලාගත්තා"

"කාලය ගතවී ගොස් දියණිය ලොකුමහත් වූ පසු කලක ඔහුත් මියගියා"

ගුරුවරිය දිගටම කතාව කියන්නට වුනා.

"දිනක් පරණ කැබිට්ටුවක් පරීක්ෂා කල දියණියට මවගේ පැරණි දිනපොතක් හමුවුනා."

"එහි සිය මව පිලිකාවකින් පීඩා විඳි බවත් ඇය නැවේ ගමන් කරන කාලය වනවිට ඇයට ඉතිරී වී තිබුනේ ජීවිතයෙන් ඉතාමත් කෙටි කාලයක් බවත් ලියැවී තිබුණා."

"තම දිරිය මව පියාව රැකගනිමින් සිය ජීවිතය සීතල මුහුදට කැපකලේ තමා වෙනුවෙන් බව ඇය තේරුම්ගත්තා"

"එම දිනපොතේම අවසාන පිටුවේ සිය පියාගේ අත් අකුරෙන් මෙසේ ද ලියැවී තිබුනා"

"මටත් ඔබ සමග ඒ අඳුරු රාත්‍රියේ සීතල මුහුදු පතුල සිපගන්නට තිබුණානම්"

.....................................................................

මොහොතක් සිතන්න.

මතුපිටින් පමණක් බලා අපි කෙතරම් නම් පුද්ගලයින් සහ අවස්තා පිලිබඳව නිසි අවබෝධයකින් තොරව තීරණ ගන්නවාද?

බොහෝවිට ඔවුන් ඒ තීරණ ගනු ලබන්නේ මෝඩකම හෝ නූගත්කම නිසා නොව අපට වඩා ගැඹුරු දැක්මක් ඇතිනිසා විය හැකිය.

අපට වඩා වැඩි අවබෝධයක් ඇති නිසා විය හැකිය.

අප වෙනුවෙන් ඇති ආදරය ,දයාව සහ අනුකම්පාව නිසා විය හැකිය.

සෑම තීරණයකම,

ඔබගේ පැත්ත,

මගේ පැත්ත,

සහ

ඇත්ත යනුවෙන් තුන් ආකාරයක් ඇත.

ඉක්මන් හදිසි තීරණ ගන්නවාට වඩා දෙවරක් සිතා බැලීම සැමගේම යහපතට හේතුවනු ඇත....

උපුටා ගැනිමක්..

ඔබට දැනුවත් වන්නට ....ස්භාව ධර්මය ..








Sunday, June 2, 2019

සිරිගුනසිංහ කලාකරුවා පිළිබඳ මතක සටහනක් ....

  සිරි ගුනසිංහ
සිරි ගුනසිංහ (උපත 1925 පෙබරවාරි 18) අග්‍රගණ්‍ය සිංහල කවියෙකි, නවකතාකරුවෙකි, කලා ඉතිහාසඥයෙකි, කලා විචාරකයෙකි. නිදහස් සිංහල කවියේ නැඟීම උදෙසා තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කළ ඔහු සිංහල භාෂාවේ ද්විරූපතාව අවම කරමින් කට වහරේ ව්‍යාකරණය ශාස්ත්‍රීය හා නිර්මාණාත්මක ලේඛනය සඳහා යොදාගැන්මේ පුරෝගාමියෙක් ද විය. එසේ ම ලේඛනයේ දී මූර්ධජ ණ සහ ළ අක්ෂර ඉවත ලූ ඔහු සිය නම භාවිත කරනුයේ ගුණසිංහ වශයෙන් නො ව ගුනසිංහ වශයෙනි.
ඔහු බිහිකල නිර්මාණ
පද්‍ය
      මස් ලේ නැති ඇට
      අබිනික්මන
      රතු කැකුළ
නවකතා
       හෙවනැල්ල
       මන්දාරම
චිත්‍රපට
      සත් සමුදුර
ශාස්ත්‍රීය
      චිරන්තන සම්ප්‍රදාය හා ප්‍රගතිය
      Masks of Ceylon
      Buddhist Paintings from Sri Lanka                 (Kandy Period)
      La Technique de la Peinture Indienne
      Sigiriya: Kassapa’s Homage to Beauty
      සීගිරිය: කාශ්‍යපගේ සෞන්දර්ය ප්‍රණාමය

Friday, May 31, 2019

අකුරු මත බොදවන හින..

ජිවිතය නැමැති දුෂ්කර මාවත තුළ ඇවිද යන විට එහි කටුක බව මනාව පසක් වන කරුණකි.දුප්පත්කම නිසාවෙන් කුඩාකල සිටම දරිද්‍රතාවය තම උරුමයක් කොට ගත් කුඩා දරුවෙක් මෙම රූපයෙන් දිස්වේ..සෑම ප්‍රශ්නයක්ම නිරාකරණය කර ගැනිමට ඉගෙනීම මනා පිටු බලයක් වේ.එවිට බොද වුන හීන පාට වනු ඇත..

සබරේ අහස යට..