Thursday, July 25, 2019

අනන්තෙන් එහා....


මලක සුවද...


එයයි මමයි.....💞💞


සැරයටිය..

පරිසරය ...

Devils Punchbowl Waterfall, New Zealand.jpg


                  ඕස්ට්‍රේලියාවේ පිහිටි දියඇල්ල

ස්වභාවික පරිසරය පොදු ව්‍යවහාරයේදී ඉතා සරලව පරිසරය ලෙස හැඳින්වෙයි. එම පදය සියලු සජීවී හා අජීවී පාථිවිය මත හෝ ඉන් ඔබ්බෙහි යම් ප්‍රදේශයක ස්වභාවිකව ඇති වන දේවල්වලට ව්‍යවහාර කෙරේ.

Tuesday, July 23, 2019

ස්වර්ණමාලි සෑ කිරණයි..

ස්වර්ණමාලි සෑ කිරණයි..
මහ බෝ සෙවනයි..
තිසා වැවයි සීගිරියයි..
අපේ උරුමයයි ...

අම්මා....


අඹ යහලුවෝ..


දුප්පත්, පොහොසත් පවුල් අතර වෙන ආදර පලහිලව් ගැන ඕනෑ තරම් කතන්දර තිබුණත්, යාළුකම ගැන කියවෙන කතා තියෙන්නේ හරි අඩුවෙන්. සැබෑ යාළුකමේ තේරුම වගේම වටිනාකම ගැන දැනගන්න නම්, අඹ යහළුවෝ තරම් හොඳ වෙන කතාවක් නැති තරම්. පොඩි කාලේදී අපේ වැඩිහිටියන් අපේ අතට අනිවාර්යයෙන්ම දෙන පොත් අතුරින් ප්‍රධාන පොතක් බවට මේ පොත පත්වෙන්න ඇත්තෙත් නිමල්ගෙයි, සුනිල්ගෙයි යාළුකමෙන් අපට ඉගෙනගන්න බොහොමයක් දේවල් තියෙන නිසා බව නිසැකයෙන්ම කියන්න පුළුවන්. පසුකාලීනව මේ පොත ජනප්‍රිය ටෙලි නාට්‍යයක් බවටත් පත්විය .

කුරුලු ජොඩුව


ආදෝනාව කෙටිකතාව- කථික ව්‍යවහාරයට අනුව .....





                 .පියුමාල් මධුසංඛ රාජකරුණා .

Sunday, July 21, 2019

📚📚📚📚සාහිත්‍යය නිර්මාණ සහ ඒවායේ කතුවරුන් 📚📚📚📚


සාහිත්‍යය සම්මානවලට හිමිකම් කියු විශිෂ්ට නවකතාව (සෙන්කොට්ටන්)


නවකතාවක් යනු කුමක්ද ?..

නවකතා

නවකතාව යනු සමීප මිනිස් අත්දැකීම් විවරණය කෙරෙන දීර්ඝ ප්‍රබන්ධ ආඛ්‍යානයකි. නූතන යුගයේ නවකතාවන් සාමාන්‍යයෙන්  ගද්‍යමය සාහිත්‍ය ආකෘතිය යටතේ රචනා කෙරෙන අතර 15වන සියවසේ මුද්‍රණ ශිල්පය සොයාගැනීම සහ ලාභදායී කඩදාසිය හඳුන්වා දීමත් විසින් ගද්‍ය නවකතාවේ සංවර්ධනයට තල්ලුවක් සැපයිණි.දීර්ඝ ගද්‍යමය ප්‍රබන්ධ කෘතීන් උදෙසා වත්මන් ඉංග්‍රීසියේ (සහ ස්පාඥ්ඤ භාෂාවේ) යෙදෙන වදන නවමු හෝ නවදේ හෝ අලුත් ආරක කෙටිකතාවක් හැඳින්වීමට යෙදෙන ඉතාලියානු novella යන වදනින් තද්භව වූවකි.

1.) ප්‍රබන්ධ ආඛ්‍යානයක් වීම

නවකතාව ඉතිහාස ලේඛනයකින් වෙන් වන්නේ ප්‍රබන්ධමය බව විසින් බව බොහෝදුරට පිළිගත් මතයයි. එහෙත් ඇතැම්විට මෙම නිර්ණායකය නොමඟ යවනසුලු විය හැකි ය . මුල් නූතන අවධිය පුරා ම ඓතිහාසික ආඛ්‍යාන රචකයෝ නිරතුරු ව කෘතියේ යම්කිසි කොටසක් වර්ණවත් කිරීමටත් කිසියම් ඓතිහාසික කරුණක් පිළිබඳ සිය පැහැදිලි කිරීම්වලට පාඨකයාගේ විශ්වසනීයත්වය දිනාගැනීමටත් සාම්ප්‍රදායික පිළිගැනීම් පාදක කරගත් ස්වකීය වූ පරිකල්පනයන් ඇතුළත් කළෝ ය. ඉතිහාසඥයෝ ද උපදේශාත්මක අරමුණු වෙනුවෙන් ප්‍රබන්ධ සිදුවීම් ඉපදවීම සහ ගොඩනැගීම සිදු කරති. අනෙක් අතට ඉතිහාස කෘතියකින් සොයාගැනීමට සහ පෙන්වාදිය නොහැකි වන නිශ්චිත යුගයක සහ ප්‍රදේශයක සමාජ, දේශපාලනික සහ පුද්ගල යථාර්ථයන් නිරූපණය කිරීමට නවකතාවට හැකි ය.

2.) ගද්‍ය සාහිත්‍යාංගයක් වීම

නූතන නවකතාවේ සම්මතය බවට ගද්‍යාකෘතිය පත් ව තිබුණ ද නූතන යුරෝපීය නවකතාවේ ආදිතමයන් අතර දකුණු ප්‍රංශයේ රොමෑන්සීය බසින් රචිතය පද්‍ය වීරකාව්‍යයන්, වෙසෙසින් ම Chrétien de Troyes වැන්නන්ගේ නිර්මාණ සහ මධ්‍යම ඉංග්‍රීසි බසින් ලියැවුණු පද්‍යාකෘතික වීරකාව්‍යයන් (ජෙෆ්රි චෝසර්ගේ ද කැන්ටබරි ටේල්ස්) හමු වේ. [8] 19වන සියවසේ දී ද බයිරන් සාමිගේ දොන් ජුවන්, ඇලෙක්සැන්ඩර් පුශ්කින්ගේ ඉයුජිනි ඔනෙජින් (Eugene Onegin) සහ එලිසබෙත් බැරට් බ්ර්වුනින්ගේ Aurora Leigh (1856) ගද්‍ය නවකතාවන් සමග තරග කළහ. ඔනෙජින් ආකෘතියේ පද්‍ය (Onegin stanzas) 590කින් සමන්විත වික්‍රම් සෙත්ගේ The Golden Gate (1986) පද්‍යමය නවකතාවකට මෑතකාලීන නිදසුනකි.

3.) සමීප අත්දැකීමක් වීම

12වන සියවස තුළ ජපානයේත් 15වන සියවස තුළ යුරෝපයේත් ගද්යා ප්ර)බන්ධය විසින් සමීප පාඨන අවස්ථාවන් සංවිධානය කරන ලදී. එහෙත් ඔඩිසි සහ ඊනිඩ් ඇතුළු පද්යාුකෘතියෙන් රචිත වීරකාව්යරයන් නිශ්චිත ශ්රාථවක සමූහයකට සඣ්ඣායනා කෙරුණේ විය. පුද්ගල ආඨෝපයෙන්, අනන්යය මතිමතාන්තරවලින්, සහෘද සංවේදනයන්ගෙන්, රහසිගත කාංසාවන්ගෙන්, සිත්ගන්නාසුලු විනීත බවින් යුතු නව ලෝකයක් නවකතාවන් සහ අරුමැසි කතාවන් ඇසුරු කරගනිමින් බිහිවිය.

4.) දීර්ඝ ආඛ්‍යානයක් වීම

අද කෙටි නවකතාව, කෙටිකතාව, ජනප්‍රිය ප්‍රබන්ධය (flsh fiction) වැනි ගද්‍ය ප්‍රබන්ධාකෘතීන් අතර දීර්ඝතම සාහිත්‍යාංගය බවට නවකතාව පත් ව තිබේ. කෙසේවෙතත් 17වන සියවසේ විචාරකයන් අරුමැසි කතාව සාතිශය දීර්ඝත්වයකට හිමිකම් කියන්නක් ලෙසත් නවකතාව එහි කුඩා එදිරිවාදියා ලෙසත් දුටහ. කෙසේවෙතත් මෙම ප්‍රබන්ධාකෘතීන්හි දීර්ඝත්වය පිළිබඳ වෙනස ප්‍රශස්ත නිර්වචනයක් තුළින් හඳුනාගත නොහැකිය. දීර්ඝත්වය පිළිබඳ අවශ්‍යතාවය නවකතාව ජීවන සමස්තයක් කැටිකරගත යුතු ය යන අදහස සමග සාම්ප්‍රදායික ව බැඳී පවතී.

Thursday, July 18, 2019

හිතයි මමයි..


නිල් අහස් වියන මත
වළාකුළු අකුරු ගෙන
එකිනෙකට අමුණමින්
දුක් බර ජිවිතය ගැන
කියන්නට සිතෙයි මට,
පාසල් යන්නට ආසමුත් මම
අද මගේ හඩ ඇසෙයිදෝ කාටහරි
ඒ නමුත් මම
අද සිනාසෙමි,
හෙට දවස ගැන හිතා.....

පොතක් කියන්නෙ නිදානයක්..

පොතක් කියන්නෙ නිදානයක් පරපුරෙන් පරපුරට දායාද පැවරෙන

1959 අවුරුද්දේ  අවුරුදු දහයක් වයස පිරුණු කොලු ගැටයෙක්ට එයාගෙ තාත්තා පොතක් දෙනවා. ඒ පොතේ නම බිම්ගෙයි සිරකරුවා හා වෙනත් ශ්‍රේෂ්ඨ රුසියානු කෙටිකථා. ඒ පුතණ්ඩියා ඒ පොත නිදානයක් වගේ පරිස්සමෙන් තමන් ළග  තියාගෙන ඊට හරියටම වසර හතළිහකට පස්සෙ , ඒ කියන්නෙ 1999 අවුරුද්දේ  එයාගෙ දුවට අවුරුදු දහය පිරුණම ඒ පොත තෑගී දෙනවා. ඒකේ පළවෙනි කෙටිකතාව ඉස්කෝප්ප රැජින කියවලා ඇය පුදුම වෙනවා.  අල්ලපු ගෙදර නිලම් මාමා හැමදාම ඒකාලේ හැන්දෑවට කොළ කුට්ටමක් තියාගෙන බූරුවා ගහනවා. ඒ බූරුවා සෙල්ලම කතාවක් විදිහට අමුතුම විදිහකට ලියපු ඉස්කෝප්ප රැජින කෙටිකතාව ඇයට පේන්නෙ අකුරු එක්ක කරපු මැජික් එකක් වගේ. කතාවෙ හිටපු හර්මන් අවසානයේ සූදූව නිසාම උමතු වෙද්දි අල්ලපු ගෙදර ඉන්න නිලම් මාමාගෙන් ඔයා කැමති ආසියාටද? පොරවටද? හේරටද? කියලා අහලා බලන්නත් ඇය පසුබට වෙන්නෙ නෑ.  ලිසාවෙට ඉවනොව්නා කියන නම දාලා කතන්දරයකුත් ලියලා  කවදාහරි ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ලිව්වා වගේ ඉස්කෝප්ප රැජින විදිහෙ කතා  ලියලා පොත් ලියන කෙනෙක් වෙන්න ඕනේ කියන සිතුවිල්ල මුලින්ම එන්නෙත් ඇයට ඔන්න ඔය කාලෙදි. ඒකාලේ වත්ත පහළ ඉන්න පිල් දිග කපටි මොනරගෙ නමත් හර්මන්. උගෙ සෙබඩියො දෙන්නගෙන් එක්කෙනෙක් ලිසාවෙටා , අනිකා මැටිල්ඩා. ඊට අවුරුදු දහතුනකට පස්සෙ සළපතන මණ්ඩිය නවකතාව  පළවෙනකොටත්  අර ඉස්කෝප්ප රැජින වගේ කෙටිකතා ලියන්න හිතාගෙන පත්තරවලට ලියපු කෙටිකතා ගොන්නක් එකතුවෙලා තිබ්බත් ඒ එකක්වත් වැඩකට ඇති ඒවා නෙමෙයි කියලා ඈට නිතරම හිතුනා. කොයිතරම් පොත් කන්දරාවක් කියෙව්වත් තවමත්   අවුරුදු දහයෙදි කියවපු ඉස්කෝප්ප රැජින වගේ හිත බැදුණු කතාවක් තිබුණේ නෑ. ලේඛිකාවක් වෙන්න මුල්ම හීනය හදාගන්න හේතුවුණ පොතක් විදිහට තාමත් බොහොම පරිස්සමෙන් නිදානයක් වගේ ඇය මේක පරිස්සම් කරනවා. ඊළගට මේක උරුම වෙන කෙනා මොන විදිහකට මේ කතාගොන්න ලබාගනියිද කියලා හිතනකොට මතක් වෙනවා මේ පොත දෙන්න තාමත් කෙනෙක් නෑ නේද කියලා . පොතක් කියන්නෙ නිදානයක් පරපුරෙන් පරපුරට දායාද පැවරෙන

copied :- ආශා රැළපනාව (facebook )

සිංහල ව්‍යාකරණ..







මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදි....

Monday, July 15, 2019

රූපවාහිනීයේ ලංකා ආගමනය


රූපවාහිනීයේ ලංකා ආගමනය
           අද වන විට අපේ රටේ බොහෝ නිවෙස්වල රූපවාහිනියට නිවසේ ඉහලම පිළිගැනීමක් හිමි වෙලා තියෙනවා. ඒවිතරක් නෙමෙයි  ටෙලිවිෂනය අද පවුලේම  අපේම සාමාජිකයෙක් වී හමාරයි . ඒ තරමටම ටෙලිවිෂනය  අද වන විට අපි හැමෝටම සමීප වෙලා. මෙච්චරටම අපි හැමෝටම සමීප උන අපේ ටෙලිවිෂන් හිතවතා ලංකාවට ආවේ කොහොමද කියලා   හොයලා බලමු...
           වර්ෂ 1966 දී ජර්මන් රජය ලංකා රජය සමග රූපවාහිනි විකාශනයක් ආරම්භය කිරිමට උත්සහය ගත් නමුත් එවකට අගමැති වූ ඩඩ්ලි සේනානායක මහතාගෙන් එයට යහපත් ප්‍රතිචාර හිමි නොවීය. එයට බලපෑ ප්‍රධාන හේතුව වුවේ ඔහු විසින් ඇමරිකාවේ කරන ලද සංචාරකදී ,ඇමරිකානූ රූපවාහිනි නාලිකාවල තිබූ වැඩසටහන් පිළිබඳ ඔහු තුල පැහැදීමක් නොවීමයි.  එයින් ලාංකේය සංස්කෘතියට  විශාල අයහපත් බලපෑමක් වෙතැයි ඔහු විශ්වාස කරන්නට ඇත. එසේම එවකට ලංකා රජයේ ගුවන්විදුලි සේවයෙන්ද පුලුල් විකාශනයක් නොතිබූ නිසා ලංකා රජය නව රූපවාහිනි සේවයට අකමැති විය. එසේ ලංකා රජය, ලංකාවේ   රූපවාහිනි සේවයක් පිහිටුවීමට අකැමැති වූ තවත් හේතුවක් වුවේ රූපවාහිනි වැඩසටහන් සදහා මෙන්ම නාලිකා ප්‍රචාරය කිරීමට යන අදික වියදම නිසාවෙනි.
              නමුත් වර්ෂ 1967 දී නැවත වරක් ශාන් වික්‍රමසිංහ මහතා විසින් ලංකා අගමැතිවරයා හමුවී පුද්ගලිකව මේ සදහා ඉල්ලීමක් කරන ලදි. ඔහුගේ මේ ඉල්ලීමට පාදක වූවේ ශාන් වික්‍රමසිංහ මහතා රූපවාහිනි තාක්ෂණවේදය පිළිබඳ ලැබූ විදේශ අධ්‍යාපනයයි. නමුත් එම ඉල්ලීමද සාර්ථක නොවීය. වර්ෂ 1970 දී  බලයට පත් වූ  රජයද මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදි.
              වර්ෂ 1977 දී බලයට පත්වූ ජේ.ආර් ජයවර්ධන අගමැතිවරයා වෙත ශාන් වික්‍රමසිංහ මහතා සිය ඉල්ලීම නැවත ඉදිරිපත් කරන ලදි. එම සාකච්ඡාවේ සාර්ථක ප්‍රතිඑලයක් ලෙස වර්ෂ 1979 අප්‍රේල් 13 දින ශාන් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ පළමු ටෙලිවිෂන් සම්ප්‍රේශන ආයතනය බිහි කරන ලදි . එම නාලිකාව ස්වාධීන රූපවාහිනි සේවයයි. (Independent Television Network -ITN) එතැන් පටන් ලංකාව තුල රූපවාහිනියේ ගමන්මග ආරම්භ විය.
අන්තර්ජාලයෙන් උපුටා ගැනිමකි.

Saturday, July 13, 2019

____රසවත් ආදර්ශමත් කතාවක් ____




ගුරුවරියක් දිනක් සිය පන්තියේ කතාවක් කීමට පටන් ගත්තා.

මේ ඒ කතාවයි.

"ගිලීයන නැවකින් තරුණ විවාහක යුවලක් කෙසේ හෝ ආරක්ෂා උනා"

"අදාල යුවල ගලවාගැනීමේ ස්ථානයට ලඟාවුනා"

"ඒ වන විට ක්‍රියාත්මක වෙමින් පැවතියේ අවසාන ජීවිතාරක්ෂක බෝට්ටුවයි"

"ඔවුන්ට මෙතැනදී ඉතා දැඩි තීරණයක් ගන්නට වන බව තේරුම් ගියා"

" එනම්,බෝට්ටුවේ ඉතිරි වී ඇත්තේ එක ආසනයක් පමනයි"

"දිවි ගලවාගත යුත්තේ කවුද"

"මොහොතක් නිහඬව සිය බිරිඳ දෙස බලාසිටි සැමියා ඇයගේ නලලත හාදුවක් තබා, ඇයව නැවේ පැත්තක තබා සැනෙකින් ජීවිතාරක්ෂක බෝට්ටුවට ගොඩවෙන අතර
ඇය කෑ ගසා කිසිවක් ඔහුට පැවසුවා"

"ඉන්පසුව දෛවය විසින් ගිලීයන නෞකාව ඇයවෙත දුන් ඉරණම කඳුළු අතරින් පිලිගන්නවා විනා ඇයට විකල්පයක් තිබුනේ නැහැ"

මොහොතකට ගුරුවරිය සිය කතාව නවත්වා සිසුන් දෙස බැලුවා.

සිසුන් අයාගත් දෙනෙතින් යුතුව ඇය කතාවේ ඉතිරි කොටස කියන තෙක් බලාසිටියා.

"ඔබ සිතන ආකාරයට ඇය කුමක් කියා කෑ ගසන්නට ඇතිද"

ගුරුවරිය නිහඬබව බිඳිමින් සිසුන් වෙත පැනයක් ඉදිරිපත් කලා.

සිසුන් අතරින් විවිදාකාර පිළිතුරු ගලා ආවා.

"මම ඔබට වෛර කරනවා"

"ඔබ වැනි මිනිසෙක් විශ්වාස කරන්නට තරම් මම මෝඩ උනා."

"ඔබට ශාප වේවා"

සිසුන්ගෙන් ලැබුනු පිළිතුරු වලින් කිහිපයකුයි ඒ.

ගුරුවරියගේ දෑස් පංතියේ කොනක වාඩිවී කිසිවක් නොකියා නිහඬව සිටි සිසුවෙක් වෙත යොමුවුනා.

ඇය ඔහුගෙන් නැවතත් පෙර ප්‍රශ්නයම ඇසුවා.

"ඔබ සිතන ආකාරයට ඇය කුමක් කියා  කෑ ගසන්නට ඇතිද"

නිහඬව සිටි සිසුවා දෑස් ඔසවා මෙසේ පැවසුවා.

"ටීචර්, මම හිතන විදියට ඇය කියන්න ඇති අපේ දරුවාව හොඳින් රැක බලාගන්න කියල"

සිසුවාගේ පිළිතුරෙන් පුදුමයට පත් වූ ගුරුවරිය මෙසේ ඇසුවා.

"ඔබ මේ කතාව මීට කලින් අහල තියෙනවද"

"නැහැ, නමුත් මගේ අම්ම මියයන්න මොහොතකට කලින් මගෙ තාත්තට කීවෙ ඒ දේ,
ඒ නිසා මම අනුමාන කලා"

දිගු සුසුමක් පිටකල ගුරුවරිය නැවතත් කතාකලා.

"ඔබේ පිළිතුර නිවැරදියි ,ඇය කෑ ගසා පැවසූයේ එයයි"

"නැව ගිලී ගියා,
සිය නිවස වෙත නැවත ගිය සැමියා ඔවුන්ගේ එකම දියණියව ඉතා ආදරයෙන් රැකබලාගත්තා"

"කාලය ගතවී ගොස් දියණිය ලොකුමහත් වූ පසු කලක ඔහුත් මියගියා"

ගුරුවරිය දිගටම කතාව කියන්නට වුනා.

"දිනක් පරණ කැබිට්ටුවක් පරීක්ෂා කල දියණියට මවගේ පැරණි දිනපොතක් හමුවුනා."

"එහි සිය මව පිලිකාවකින් පීඩා විඳි බවත් ඇය නැවේ ගමන් කරන කාලය වනවිට ඇයට ඉතිරී වී තිබුනේ ජීවිතයෙන් ඉතාමත් කෙටි කාලයක් බවත් ලියැවී තිබුණා."

"තම දිරිය මව පියාව රැකගනිමින් සිය ජීවිතය සීතල මුහුදට කැපකලේ තමා වෙනුවෙන් බව ඇය තේරුම්ගත්තා"

"එම දිනපොතේම අවසාන පිටුවේ සිය පියාගේ අත් අකුරෙන් මෙසේ ද ලියැවී තිබුනා"

"මටත් ඔබ සමග ඒ අඳුරු රාත්‍රියේ සීතල මුහුදු පතුල සිපගන්නට තිබුණානම්"

.....................................................................

මොහොතක් සිතන්න.

මතුපිටින් පමණක් බලා අපි කෙතරම් නම් පුද්ගලයින් සහ අවස්තා පිලිබඳව නිසි අවබෝධයකින් තොරව තීරණ ගන්නවාද?

බොහෝවිට ඔවුන් ඒ තීරණ ගනු ලබන්නේ මෝඩකම හෝ නූගත්කම නිසා නොව අපට වඩා ගැඹුරු දැක්මක් ඇතිනිසා විය හැකිය.

අපට වඩා වැඩි අවබෝධයක් ඇති නිසා විය හැකිය.

අප වෙනුවෙන් ඇති ආදරය ,දයාව සහ අනුකම්පාව නිසා විය හැකිය.

සෑම තීරණයකම,

ඔබගේ පැත්ත,

මගේ පැත්ත,

සහ

ඇත්ත යනුවෙන් තුන් ආකාරයක් ඇත.

ඉක්මන් හදිසි තීරණ ගන්නවාට වඩා දෙවරක් සිතා බැලීම සැමගේම යහපතට හේතුවනු ඇත....

උපුටා ගැනිමක්..

ඔබට දැනුවත් වන්නට ....ස්භාව ධර්මය ..