Tuesday, July 23, 2019
අඹ යහලුවෝ..
දුප්පත්, පොහොසත් පවුල් අතර වෙන ආදර පලහිලව් ගැන ඕනෑ තරම් කතන්දර තිබුණත්, යාළුකම ගැන කියවෙන කතා තියෙන්නේ හරි අඩුවෙන්. සැබෑ යාළුකමේ තේරුම වගේම වටිනාකම ගැන දැනගන්න නම්, අඹ යහළුවෝ තරම් හොඳ වෙන කතාවක් නැති තරම්. පොඩි කාලේදී අපේ වැඩිහිටියන් අපේ අතට අනිවාර්යයෙන්ම දෙන පොත් අතුරින් ප්‍රධාන පොතක් බවට මේ පොත පත්වෙන්න ඇත්තෙත් නිමල්ගෙයි, සුනිල්ගෙයි යාළුකමෙන් අපට ඉගෙනගන්න බොහොමයක් දේවල් තියෙන නිසා බව නිසැකයෙන්ම කියන්න පුළුවන්. පසුකාලීනව මේ පොත ජනප්‍රිය ටෙලි නාට්‍යයක් බවටත් පත්විය .
Sunday, July 21, 2019
නවකතාවක් යනු කුමක්ද ?..
නවකතා
නවකතාව යනු සමීප මිනිස් අත්දැකීම් විවරණය කෙරෙන දීර්ඝ ප්‍රබන්ධ ආඛ්‍යානයකි. නූතන යුගයේ නවකතාවන් සාමාන්‍යයෙන් ගද්‍යමය සාහිත්‍ය ආකෘතිය යටතේ රචනා කෙරෙන අතර 15වන සියවසේ මුද්‍රණ ශිල්පය සොයාගැනීම සහ ලාභදායී කඩදාසිය හඳුන්වා දීමත් විසින් ගද්‍ය නවකතාවේ සංවර්ධනයට තල්ලුවක් සැපයිණි.දීර්ඝ ගද්‍යමය ප්‍රබන්ධ කෘතීන් උදෙසා වත්මන් ඉංග්‍රීසියේ (සහ ස්පාඥ්ඤ භාෂාවේ) යෙදෙන වදන නවමු හෝ නවදේ හෝ අලුත් ආරක කෙටිකතාවක් හැඳින්වීමට යෙදෙන ඉතාලියානු novella යන වදනින් තද්භව වූවකි.
1.) ප්‍රබන්ධ ආඛ්‍යානයක් වීම
නවකතාව ඉතිහාස ලේඛනයකින් වෙන් වන්නේ ප්‍රබන්ධමය බව විසින් බව බොහෝදුරට පිළිගත් මතයයි. එහෙත් ඇතැම්විට මෙම නිර්ණායකය නොමඟ යවනසුලු විය හැකි ය . මුල් නූතන අවධිය පුරා ම ඓතිහාසික ආඛ්‍යාන රචකයෝ නිරතුරු ව කෘතියේ යම්කිසි කොටසක් වර්ණවත් කිරීමටත් කිසියම් ඓතිහාසික කරුණක් පිළිබඳ සිය පැහැදිලි කිරීම්වලට පාඨකයාගේ විශ්වසනීයත්වය දිනාගැනීමටත් සාම්ප්‍රදායික පිළිගැනීම් පාදක කරගත් ස්වකීය වූ පරිකල්පනයන් ඇතුළත් කළෝ ය. ඉතිහාසඥයෝ ද උපදේශාත්මක අරමුණු වෙනුවෙන් ප්‍රබන්ධ සිදුවීම් ඉපදවීම සහ ගොඩනැගීම සිදු කරති. අනෙක් අතට ඉතිහාස කෘතියකින් සොයාගැනීමට සහ පෙන්වාදිය නොහැකි වන නිශ්චිත යුගයක සහ ප්‍රදේශයක සමාජ, දේශපාලනික සහ පුද්ගල යථාර්ථයන් නිරූපණය කිරීමට නවකතාවට හැකි ය.
2.) ගද්‍ය සාහිත්‍යාංගයක් වීම
නූතන නවකතාවේ සම්මතය බවට ගද්‍යාකෘතිය පත් ව තිබුණ ද නූතන යුරෝපීය නවකතාවේ ආදිතමයන් අතර දකුණු ප්‍රංශයේ රොමෑන්සීය බසින් රචිතය පද්‍ය වීරකාව්‍යයන්, වෙසෙසින් ම Chrétien de Troyes වැන්නන්ගේ නිර්මාණ සහ මධ්‍යම ඉංග්‍රීසි බසින් ලියැවුණු පද්‍යාකෘතික වීරකාව්‍යයන් (ජෙෆ්රි චෝසර්ගේ ද කැන්ටබරි ටේල්ස්) හමු වේ. [8] 19වන සියවසේ දී ද බයිරන් සාමිගේ දොන් ජුවන්, ඇලෙක්සැන්ඩර් පුශ්කින්ගේ ඉයුජිනි ඔනෙජින් (Eugene Onegin) සහ එලිසබෙත් බැරට් බ්ර්වුනින්ගේ Aurora Leigh (1856) ගද්‍ය නවකතාවන් සමග තරග කළහ. ඔනෙජින් ආකෘතියේ පද්‍ය (Onegin stanzas) 590කින් සමන්විත වික්‍රම් සෙත්ගේ The Golden Gate (1986) පද්‍යමය නවකතාවකට මෑතකාලීන නිදසුනකි.
3.) සමීප අත්දැකීමක් වීම
12වන සියවස තුළ ජපානයේත් 15වන සියවස තුළ යුරෝපයේත් ගද්යා ප්ර)බන්ධය විසින් සමීප පාඨන අවස්ථාවන් සංවිධානය කරන ලදී. එහෙත් ඔඩිසි සහ ඊනිඩ් ඇතුළු පද්යාුකෘතියෙන් රචිත වීරකාව්යරයන් නිශ්චිත ශ්රාථවක සමූහයකට සඣ්ඣායනා කෙරුණේ විය. පුද්ගල ආඨෝපයෙන්, අනන්යය මතිමතාන්තරවලින්, සහෘද සංවේදනයන්ගෙන්, රහසිගත කාංසාවන්ගෙන්, සිත්ගන්නාසුලු විනීත බවින් යුතු නව ලෝකයක් නවකතාවන් සහ අරුමැසි කතාවන් ඇසුරු කරගනිමින් බිහිවිය.
4.) දීර්ඝ ආඛ්‍යානයක් වීම
අද කෙටි නවකතාව, කෙටිකතාව, ජනප්‍රිය ප්‍රබන්ධය (flsh fiction) වැනි ගද්‍ය ප්‍රබන්ධාකෘතීන් අතර දීර්ඝතම සාහිත්‍යාංගය බවට නවකතාව පත් ව තිබේ. කෙසේවෙතත් 17වන සියවසේ විචාරකයන් අරුමැසි කතාව සාතිශය දීර්ඝත්වයකට හිමිකම් කියන්නක් ලෙසත් නවකතාව එහි කුඩා එදිරිවාදියා ලෙසත් දුටහ. කෙසේවෙතත් මෙම ප්‍රබන්ධාකෘතීන්හි දීර්ඝත්වය පිළිබඳ වෙනස ප්‍රශස්ත නිර්වචනයක් තුළින් හඳුනාගත නොහැකිය. දීර්ඝත්වය පිළිබඳ අවශ්‍යතාවය නවකතාව ජීවන සමස්තයක් කැටිකරගත යුතු ය යන අදහස සමග සාම්ප්‍රදායික ව බැඳී පවතී.

Subscribe to:
Posts (Atom)